Wednesday, April 20, 2016

JavaScript Fundamentals

මේක ඉතින් මම හා හා පුරා කියලා ලියන පළවෙනිම blog එක. සැහෙන්න කාලයක් ගිහින් තමයි වැඩේ පටන් ගන්න නම් උනේ. වැරදි අඩුපාඩු එහෙම සැහෙන්න ඇති ඉතින්.ඔන්න මුලින්ම ඒවාට සමාව ඉල්ලලම වැඩේ පටන් ගන්න කියලා හිතුවා...:D :D.

ම්ම්ම්...JavaScript කියන්නේ ඉතින් අපිට ගොඩක් වැඩ වලට ඕන කරන දෙයක් නේ.Web site එකක් create කරන කොට අනිවාර්යෙන්ම JavaScript ඕන වෙනවා.මම හිතුවා JavaScript ගැන මුල ඉඳන්ම විස්තර කරලා බ්ලොග් එකක් ලියන්න ඕන කියලා. මුලින්ම බලමු මොකක්ද මේ JavaScript කියන්නේ කියලා.

JavaScript කියන්නේ ලෝකේ වැඩිපුරම ජනප්‍රිය programming language එක කිව්වොත් නිවැරදියි.ගොඩක් දෙනා හිතාගෙන ඉන්නවා Java සහ JavaScript කියන්නේ සමාන languages දෙකක් කියලා.නමුත් ඇත්තටම මේ දෙක සම්පුර්ණයෙන්ම වෙනස් languages දෙකක්.ඒ වගේම අපි එදිනෙදා use කරන ප්‍රධාන browsers හැම එකක්ම JavaScript support කරනවා. උදාහරණ විදියට Google Chrome, Internet Explorer, Safari, Firefox ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනෑම OS එකක උනත් JavaScript use කරන්න පුළුවන්.

JavaScript කියන්නේ interpreted language එකක්. ඒ කියන්නේ මේකේ තියෙන implementations බහුතරයක්ම instructions directly execute කරනවා කියන එක.JavaScript ඉගෙන ගන්න ලේසියි. Normal text editor එකක් (Notepad++, Notepad, Sublime Text Editor) වගේ එකක් use කරලා අපිට JavaScript codes ලියන්න පුළුවන්. code එකක හැම statement එකක්ම අන්තිමට “;” යොදා ගන්නවා නම් ගොඩක්ම හොඳයි.මේක අනිවාර්ය නම් නෑ කියලා කියන්නේ. එත් good coding practice එකක් විදියට “;” use කරන එක හොඳයි.

අපිට JavaScript codes, HTML file එක ඇතුලේ වගේම වෙනම script (.js) file එකක ලියලා HTML file එකට import කරන්නත් පුළුවන්. ඒක කරන විදිය මම ඉස්සරහට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා...:)

මම හිතනවා දැන් JavaScript කියන්නේ මොකක්ද කියල පොඩි හරි දෙයක් ඔළුවට යන්න ඇති කියලා.එහෙනම් දැන් අපි බලමු JavaScript use කරලා coding කරන්නේ කොහොමද කියල. මම Fundamentals වලින්ම පටන් ගන්න කියලා හිතුවා ඕනෑම කෙනෙක්ට වටහා ගන්න පහසු වෙන්නත් එක්කම. මුලින්ම මම පොඩි JavaScript code එකක් පෙන්නන්නම් අවබෝධයක් ලබා ගන්න.


ආහ්හ් ඊට කලින් දෙයක් කියන්න ඕන.අපි JavaScript code එකක් HTML page එකක ලියනවා නම් එක ලියන්නේ <script> </script> tags ඇතුලේ.මෙහෙම කිව්වට තේරෙන්නේ නැත්තම් පහල උදාහරණය බලන්නකෝ.




මේ රූපෙන් පෙන විදියට අර මම මුලින් කිව්ව <script> </script> tags ලියන්න ඕන HTML page එකේ <body> tag එක ඇතුලේ. මුල්ම උදාහරණය විදියට මම ගත්තේ JavaScript වල තියෙන “alert” කියන Function එක.මේකෙන් කරන්නේ වෙබ් page එකේදී pop-up box එකක් විදියට result එක දෙන එක.පහතින් මම පෙන්නලා තියෙන්නේ එන result එක.(මගේ browser එක Google Chrome).






මේ විදියට code එක වෙනම ලියලා browser එකක run කරලා බලනවට වඩා ලේසි විදියක් නම් තියෙනවා. ඒක තමයි online codes run කරලා බලන එක. මම එක කරන්නේ කොහොමද කියලා විස්තර කරන්න යන්නේ නෑ. එත් දැන ගැනීම පිණිස ඒ වගේ online run කරන්න පුළුවන් sites ටිකක් කියන්නම්.
  •          Plunker
  •          Web Toolkit Online
  •          Closure Compiler


දැන් තමයි ඉතින් වැඩේ පටන් ගන්න යන්නේ. මට හිතුනා JavaScript වල තියෙන building blocks වලින්ම පටන් ගත්තා නම් හොඳයි කියලා.මොනවද මේ JavaScript වල තියෙන building blocks??

  •         Numbers
  •         Strings
  •         Variables
  •         Operators
  •         Expressions
  •         Functions
  •        Objects


මේවට තමයි building blocks කියලා කියන්නේ. මම මෙතන ඉඳන් ඔයාලට විස්තර කරන්න හදන්නේ මෙන්න මේවා ගැන සරලව මුල සිටම..:)

Numbers


මොනවද මේ numbers කියල කියන්නේ??.numbers කියලා කියන්නේ අළුත් දෙයක් නෙමෙයි.අපි එදිනෙදා භාවිතා කරන එක එක විදියේ ඉලක්කම්. Programming Languages ගත්තම එක එක ඒවායේ numbers තව කොටස් වලට බෙදලා තියෙනවා.(උදාහරණ විදියට Integers, Doubles, Float වගේ ඒවා ගන්න පුළුවන්). නමුත් JavaScript වල එහෙම numbers කොටස් වලට බෙදලා නෑ. අර කතාවට කියනවා වගේ number එකක් කියන්නේ number එකක් JavaScript වලදී...:D.

Strings


Strings කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ texts වලට.  “ “ ඇතුලේ ලියන ඕනෑම දෙකට strings කියල කියනවා.

This is a JavaScript blog”

“Hello JavaScript”

Strings වලට තව අදාළ දේවල් ටිකක් තියෙනවා.හිතන්න අපිට ඕන කියල “” ඇතුලෙම string එකක් print කරන්න ඕන කියලා. ඒ වගේ දේකට අපි use කරනවා escape characters කියලා දෙයක්. (මේකට ගන්නේ \ එක). උදාහරණයක් විදියට හිතන්න අපිට JavaScript is a “special” language කියලා print කර ගන්න ඕන කියලා. අපි එතකොට කරන්නේ පහත විදියට escape character එක use කරනවා.



මේකෙන් ලැබෙන output එක තමයි මේක.




ඔන්න එහෙනම් මගේ blog එකේ මුල්ම post එක මෙතනින් ඉවර කරනවා. තව building blocks ගොඩක් ගැන තියෙනවා කතා කරන්න.ඒවා ගැන ඊලඟ post එකෙන් කතා කරන්න හිතාගෙන මම නවතිනවා. මේකේ අඩුපාඩු, හදා ගන්න ඕන කරන දේවල් එහෙම comment කරන්න අමතක කරන්නෙපා හොඳේ...ජය වේවා..!!!!..:D :D